එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයේ සභාපතිවරයා ලෙස මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් තේරී පත්වී ඇත.
එළඹෙන සැප්තැම්බර් මාසයේ ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල 76 වන සැසිවාරයේ මුලසුන හොබවන සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා සාමාජිකයින් 193 දෙනෙකුගෙන් යුත් මහා මණ්ඩලයේ ඡන්ද විමසීම සඳුදා (7) පැවැත්විණ.
සභාපතිවරයා තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේදී අබ්දුල්ලා ෂාහිඩ් ඡන්ද ඡන්ද 191 න් වැඩි ඡන්ද 143 ක් ලබා ගත්තේ ය.
75 වන සැසිවාරය සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළේ, තුර්කියේ වොල්කන් බොස්කීර් මහතා ය.
මහා මණ්ඩලයේ සභාපතිවරයා සෑම වසරකම රහසිගත ඡන්ද විමසීමක් මගින් තෝරා පත් කර ගනු ලබන අතර ඊට අවශ්‍ය වන්නේ, මහා මණ්ඩලයේ සරල බහුතර ඡන්දයකි.මේ අතර මහා මණ්ඩලයේ 76 වන සභාපතිවරයා ලෙස තේරී පත්වූ මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයාට ඉන්දියාව ද සුබ පැතුම් එක් කර තිබේ.
ඒ අනුව ඉදිරි 2021 – 2022 වසර සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් මහතා කටයුතු කරනු ඇති.
හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මාලදිවයිනේ විදේශ ඇමැති එ.ජා. සැසියේ සභාපති