මාලදිවයින් ජනපති අබ්දුල්ලා යමීන් ඝාතනයට තැත් කළේ යැයි සැකපිට එරට නියෝජ්‍ය ජනපති අහමඩ් අබීබ් අත්අඩංගුවට ගැනීමට මාලදිවයින් බලධරයෝ ඊයේ (24) කටයුතු කළහ.
සිංගප්පූරුවේ සංචාරයක නිතරව සිටි අගමැති අහමබ් යබීබ් මාලදිවයිනට පැමිණි වහා අත්අඩංගුවට ගැනුණු අතර ඔහු පිළිගැනීමට පෙරමග බලා සිටි ඔහුගේ ආධාරකරුවන්වද විසිරුවා හැරිණි.
හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් අවශ්‍ය පියවර ගැනීමට පොලිසිය හා ආරක්ෂක අංශ සීරුවෙන් සිටියහ.
ගෙවුණු සැප්තැම්බර් මස ජනපති අබ්දුල්ලා යමීන් ගමන් කරමින් සිටි අධිවේගී මෝටර් බෝට්ටුවක පිපිරීමක් සිදුවිය.පිපිරීමෙන් ජනපතිවරයාට කිසිදු හානියක් සිදුනොවුනි.
පිපිරීම ජනපතිවරයා ඝාතන තැතත් විය හැකියැයි එරට ආරක්ෂක අංශ සැකකරයි.
සිදුවීම සම්බන්ධයෙන් නියෝජ්‍ය ජනපතිවරයාගේ සම්බන්ධයක් පවතීද යන්න පිළිඹඳ ඔහුගෙන් සිදුකෙරෙන ප්‍රශ්න කිරීම් වලින් සොයාබැලෙන බව මාලදිවයින් බලධාරීහු කියති.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහ්මෙඩ් අබිබ් හිටපු සංචාරක ඇමැති. මාලදිවයිනට හොද උප ජනාධිපති කෙනෙක් හිටියා එයාව බලෙන් නෙරපලා අබ්දුල්ලා යමීන් මෙයාව උප ජනාධිපති කෙරේ යමීන්ගේ පවුලගේ උපන්දිනයට මිලියනයක් වටිනා මෝටර් රථයක් සහ ලක්ෂ 05ක් වටිනා මුද්දක් දුන්න අහ්මෙඩ් අබිබ් කියන්නේ ඉස්සර රේගු නීලධාරියෙක් මොලදිවයින කියන්නේ ලස්සන රටක් මේ ආණ්ඩුව ඇවිල්ල රට කෑවා .තමුන් ඇතිකරපු නයා තමුන්ට දෂ්ඨ කළා (බ)
ශාන්ත, ඔය ශ්‍රී ලංකන් ගුවන් හමුදාවේ හිටියද (බ)
මම මාලේ ගැන හොදට දන්නා නිසා විස්තර ලීයුවේ .අහ්මෙඩ් අධිබ් කියන්නේ මගේ හොද මීතුරෙක් .මම මාලේ අවුරුදු 29ක් වෙනවා හොදම ජනාධිපති තමා මොහෙමෙඩ් නෂීඩ්(අන්නි)රටේ ජනතාවට සැලකුවේ හැදුනුම්පතට බෙහෙත් ගන්න වයස .65ක් වුනාම 5000(රුෆිය)ක් දුන්න.හැදුනුම් ලංකාවෙන් ඉන්දියාවෙන් වුනත් ලෝකේ ඕනෑම රටකින් බෙහෙත් කරන්න පුළුවන් .නැවතත් ජනාධිපති වේවා කියා මේ ප්‍රර්ථනාව .මොකද මෙහෙ රැකියාව කරන අපට වුනත් හොදට සැලකුව. (බ)
නීතිය කාටත් පොදුය (නි)
ලංකාවේනම් කොමිසමක් පත් කරලා එක එක්කෙනාගෙන් සිද්දිය ගැන ප්‍රශ්න කර කර ඉඳීවි නේ.???..(රේ)