IMG-LOGO

මාලදිවයිනේ ජනාධිපතිට කොරෝනා

මාලදිවයින ජනාධිපති ඊබ්‍රහීම් සෝලේ ට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇත. තමන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව පී.සී.ආර්. පරීක්ෂණයකදී තහවුරු වුණැයි ජනතාවට දැනුම් දුන්නේ ද ජනාධිපතිවරයාය. ඒ, ‘ට්විටර්’ පණිවුඩයක් නිකුත් කරමින්ය.

මාලදිවයිනේ අතුරු මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. මැතිවරණය වෙනුවෙන් ජනාධිපතිවරයා මාලදිවයිනේ අටොලුවල පළාතේ ජන හමුවකට යෑමට සූදානම් වී, පී.සී.ආර්. පරික්ෂණයකට යොමු වී ඇත. ඔහු ආසාදිතයකු බව තහවුරු වී ඇත්තේ එවිටය.

කිසිදු රෝගී තත්ත්වයක් පෙන්නුම් නොකරන තමන් නිල නිවසේ නිරෝධායනය වී සිටින බවත්, නිවසේ සිට රාජකාරි කටයුතු සොයා බලන බවත්, ජනාධිපති සෝලේ නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වී ඇත.

ජනාධිපති සෝලේ පූර්ණ එන්නත්කරණයට ලක්වුණු තැනැත්තෙකි. පසුගිය 2021 අප්‍රේල් මාසයේ ජනාධිපති ආර්යා ෆස්නා අහ්මද් ‘කොවිඩ් 19’ ආසාදිතයකු වූ බව විදෙස් මාධ්‍ය සිහිපත් කර තිබේ.

ඉන්දියන් සාගර දූපත් රාජ්‍යයක් වන මාලදිවයිනේ ප්‍රධාන ආදායම් මාර්ගය සංචාරක කර්මාන්තයයි. 2020 ජූලි මාසය වනවිටත් ලෝකයේ සෙසු රටවල් ‘ලොක්ඩවුන්’ වී සිටිද්දී, මාලදිවයින විදේශීය සංචාරකයන් සඳහා ඔවුන්ගේ දේශසීමා විවෘත කළේය. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ හඳුන්වා දෙමිනි.

අද වනවිට මාලදිවයිනේ සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 1,00,000 පසු කර තිබේ. ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ නව ආසාදිතයන් ගණන 894 කි. මාලදිවයින සෞඛ්‍ය අංශ පෙන්වා දී ආසාදිතයන් වැඩිවී ඇත්තේ ‘ඔමික්‍රෝන්’ විකෘතියේ බලපෑම නිසා බවය. මාලදිවයිනෙන් පළමු ‘ඔමික්‍රෝන්’ ආසාදිතයා හමුවූයේ පසුගිය 2021 දෙසැම්බර් පස් වැනිදාය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

මාලදිවයිනේ ජනාධිපතිට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 260 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 440 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 785 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site