මාල දිවයිනේ හිටපු උප ජනාධිපතිවරයා වන මොහොමඞ් ජමිීල් අහ්මඞ් වසර දහයක් සිර ගත කිරීමට එරට අධිකරණය තීන්දු කළේය.

ඔහුට එරෙහිව ප්‍රධාන චෝදනාව වන්නේ වර්තමාන ජනාධිපති යමීන් අබ්දුල් ගයූම් ඝාතනයට සැලසුම් කිරීමයි.ගිනි අවි ළඟ තබා ගැනීම සහ ආණ්ඩු විරෝධී උද්ගෝෂණ සංවිධානය වැනි  චෝදනා සම්බන්ධ තීන්දු ඉදිරියේදී ලබා දෙනු ඇතැයි සදහන් වේ.

ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම යටතේ ඔහුට මෙම සිර දඩුවම හිමි වෙයි.

මින් පෙර මාලදිවයින් පොලිසියේ ප්‍රධානින් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනුණු අතර එරට ආරක්ෂක අමාත්‍යවරයාද තනතුරෙන් පහ කරනු ලැබුවේය.

මේ වන විට මාලදිවයිනේ ආරක්ෂාව තර කර ඇති අතර හිටපු උප ජනපතිවරයාගේ ආරක්ෂකයෙක් සහ එරට හමුදාවේ බෝම්බ අංශයේ නිලධාරියෙක් අත් අඩංගුවට ගෙන ඇත.

මින් පෙරද ඔහු ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම යටතේ වැරදිකරු වී වසර දහතුනක සිර දඬුවමක් නියම විය.

කෙසේවෙතත් මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව ගැටළු රැසක් ඇති බවට විචාරකයෝ පවසති.