මාලදිවයිනේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදයට මැදිහත් වීමට ඉන්දියාවට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නැතැයි චීනයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇතැයි ‘මෝල්ඩිව්ස් ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්පත වාර්තා කරයි.
චීනයේ රාජ්‍ය මාධ්‍ය ඒ බව වාර්තා කර ඇත්තේ මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තරයෙන් සහාය ඉල්ලීමත් සමඟය.
මාලදිවයිනේ වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඔහු බලයෙන් ඉවත් කිරීමටත් රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සමනය කිරීමටත් සහාය වන්නැයි එරට හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ඉන්දියාවෙන් ඉල්ලා සිටියේය.
මාලදිවයින පිහිටා ඇත්තේ ජාත්‍යන්තර මුහුදු ගමන් මාර්ග සමීපයේය. ලොව ඉන්ධන හා භාණ්ඩ ප්‍රවාහන නෞකාවලින් බහුතරයක් ගමන් කරනුයේ මාලදිවයිනට ඔබ්බෙන් පිහිටි ජාත්‍යන්තර මුහුදේය.
ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ පාලනය යටතේ මාලදිවයින චීනය සමඟ සමීප සබඳතා පවත්වන අතර ඉන්දියාව සමඟ පැවති සබඳතා පළුදු වී තිබේ.
මාලදිවයින චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට ද අත්සන් තබා තිබෙන අතර මාලදිවයින චීනයෙන් ඩොලර් මිලියන ගණනින් ණය ආධාර ලබාගනි.
එමෙන්ම චීනය මාලදිවයිනේ ඉඩම් අල්ලා ගන්නා බවට ද හිටපු ජනාධිපතිවරයා චෝදනා කරයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකෝ චීනා ඉන්දියාවට ජාතිය දාන්නද හදන්නේ? නෂීඩ්ට උදව් කිරීමෙන් චීනාට අවාසි වෙන හින්දනේ... නශීද්ට උදව් කිරීම නිවැරදියි කියලයි මාත් හිතන්නේ. ඇත්ත වශයෙන්ම ලෝක බලවතුන්ගේ සහාය ඔහුට ලැබීම සුදුසුයි කියලා හිතෙනවා!