මෝල්ඩෝවා රාජ්‍යයේ නුසුදුසු ෆේස්බුක් ගිණුම් 200 කට වඩා ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මකා දමන ලද නුසුදුසු ගිණුම් අතරින් බොහෝමයක් රජයේ සේවකයන්ගේ බව වාර්තා වේ. 

නව මැතිවරණ ක්‍රමවේදයක් යටතේ පෙබරවාරි 24 වැනිදා පැවැත්වෙන මෝල්ඩෝවා ඡන්ද විමසීම ඉලක්ක කරගනිමින් මෙම පියවර ගෙන ඇත.මෝල්ඩෝවා  රාජ්‍ය යුරෝපයේ දුගී රටවල් අතරින් එකක් වන අතර එහි දේශපාලනය බටහිර ගැති සහ රුසියානු ගැති පිරිසකගෙන් යුක්ත වෙති.

දේශපාලන ගැටලු ඇතිවන භේදකාරී ෆේස්බුක් ගිණුම් පරීක්ෂාවට ලක්වන බව ෆේස්බුක් ආයතනය පැවසුවේය.

ඒ අනුව ෆේස්බුක් ගිණුම් 168, ෆේස්බුක් පිටු 28 සහ ඉන්ස්ග්‍රෑම් ගිණුම් 8ක් මකාදමා ඇත. 

බීබීසී ඇසුරෙනි

(63226)