නයිජර්හි බටහිර ටහෝවා ප්‍රදේශයේ මාලි ජාතික සරණාගතයින් සිටින කඳවුරක් අසල හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල වීමෙන් සොල්දාදුවන් 20දෙනකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. තවත් සොල්දාදුවන් තිදෙනකුට තුවාල සිදුවී ඇති බවත් මියගිය සංඛ්‍යාව ඉහල යා හැකි බවත් නයිජර් අගමැති බ්‍රිගී රෆානි පවසයි.

ප්‍රහාරකයන්ගේ ඉලක්කය වී ඇත්තේ කඳවුර ආසන්නයේ පිහිටි හමුදා මුරපොළකි. නයිජර්හි බෝකෝ හරාම් සටන්කාමීන් හා රජයේ හමුදා අතර නිතරම ගැටුම් පවතී.

18432686_303 download-(1)