IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මාලි වීරයාට ප්‍රංශ පුරවැසිකම

පසුගියදා පැරීසියේ සිදුවු ත‍්‍රස්තවාදි ප‍්‍රහාරයෙන් 17 දෙනෙක් මිය ගියේය. ස්ථාන තූනකදී දින තුනක් තුලදී මෙම ප‍්‍රහාරයන් සිදු වුයේය. මිය ගියවුන් අතරින් සිව් දෙනෙක් යුදෙව් ජාතිකයෝය. ඔවුන් එම ඉරණමට හසු වුයේ පැරීස් අගනගර දේශ සීමාවේ නැගෙනහිර දිශාවේ පිහිටි පෝත් ඩෙ වැන්ෂන් නම් නගරයේ පිහිටි යුදෙව් ජාතික වෙළඳසලකදීය.

ප‍්‍රාණ ඇපකරුවන් පිරිසක් සමග මෙම වෙළඳසල ත‍්‍රස්තවාදියෙකුගේ භාරයට පත්විය. එවිට වේලාව දහවල් 12.30 ය. ඒ වනවිට වෙළඳහලේ 23 දෙනෙක් සිටියහ. සේවකයෝ දෙදෙනෙක් හා බඩු ගැනීමට පැමිණි පිරිස ඒ අතරට අයත් වෙති. ත‍්‍රස්තවාදියා තරුණයන් සිව් දෙනෙකු වෙඩි තබා මරා දැමීය. අනෙක් සියල්ලෝ පණ බේරා ගැනීමට වාසනාවන්තයෝ වුවෝය.

වෙළඳ හලේ සේවය කළ වයස අවුරුදු 24ක්වූ මාලි ජාතික ලසානා බැතිලි නම් මුස්ලිම් තරුණයාගේ ස්ථානෝචිත ප‍්‍රඥාව නිසා  ඔවුනට පණ රැක ගැනීමට හැකි විය.

ඉහත ප‍්‍රහාරය සිදුකළ අමෙඩි කුලිබලී නම් වෙඩික්කරුද මාලි ජාතිකයෙකි. ඔහු වෙළඳ සලට කඩා වැදුණු අවස්ථාවේ ලසානා බැතිලි නම් සේවකයා වෙළඳ හලේ පොලොව යට පිහිටි කුඩා ශීතකරණ කාමරයකට තවත් පිරිසක් ඇතුළු කළේය. ඒ අතර වයස අවුරුදු තුනක සිඟිති දරුවෙක්ද වුයේය. ලසානා ශීත කාමරයේ විදුලිය විසන්ධි කළේය. ඉන්පසු ශීත කාමරය  ගියේය.

තම ජංගම දුරකථනයෙන් ඔහු පොලීසියට හරහා එස්.එම්.එස් පණිවුඩ මගින් පොලිස් රහස් පරීක්ෂකයන්ට පැය තුනක් පුරා වෙළඳසැළේ පිහිටීමත් ඇතුලත සිදුවන දේ ගැනත් තොරතුරු සැපයීය. ප‍්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමේ මෙහෙයුම සිදුකළ පොලිස් භටයන්ට එම තොරතුරු අතිශයින්ම වැදගත්වූ බව පසුව ආරක්ෂක අංශ පැවැසුවේය.

       ආරක්ෂක අංශ ප‍්‍රහාරයෙන් එළියට පැන යාමට පැමිණි වෙඩික්කරු අමෙලි කුලිබලී වෙඩි වරුසාවකට හසුවී මරුමුවට පත්වුයේය. එසැණින් සිඟිති දරුවා ඇතුළු අනෙක් ප‍්‍රණ ඇපකරුවන් 19 දෙනාගේද ජීවිත බේරා ගත්තේය. එනමුදු ඒ වන විටත් වෙඩික්කරු විසින් වෙළඳසැලේදී යුදෙව් ජාතිකයෝ සිව් දෙනෙක් මරු තුරුලට යවනු ලැබුහ.

මෙම වෙළදසැල යුදෙව් ජාතිකයන්ගේ විශේෂිත ආහාර පාන වලින් සමන්විත ඔවුන්ට පමණක් විශේෂිත වෙළඳසලකි. මියගිය සිව් දෙනාගේ අවසන් කටයුතු ඊශ‍්‍රායලයේ ජේරුසලමේදි විශේෂ අවමගුල් උත්සවයකින් ඔවුන් මිහිදන් කැරිණි. මෙම අවමගුලට ප‍්‍රංශ ජනාධිපති නියෝජනය කළේ සිව්වන ප‍්‍රබල ඇමති ධුරය හිමි පාරිසරික හා බලශක්ති ඇමැති සෙගොලෙන් රෝයල් මහත්මියයි.

 ප‍්‍රණ ඇපකරුවන් බේරා ගැනීමට විශේෂ මෙහෙයක් සිදුකළ වෙළඳසැල් සේවක ලසානා බැතිලි නම් තරුනයා ගැන ප‍්‍රංශ මාධ්‍ය හඬ නැගීය. ජීවිතයත් මරණයත් අතර හෝරා තුන ගෙවුණු ලොමු ඩැහැගන්වන ඔහුගේ කථාව රූපවාහිනි තීර බදුගෙන තිබුණේය. ඒ සමගම ඔහුට ප‍්‍රංශ පුරවැසිකම ලබා දෙන ලෙස ඉල්ලමින් ජීවිත බේරා ගත් පිරිස පෙත්සමක් අත්සන් කළහ. දින තුනකදී ලක්ෂ හතරක ජනතාව ඊට  අත්සන් කළහ.

      මේ අතරතුර ප‍්‍රංශ ජනාධිපති ප‍්‍රංශුවා ඔලොන්ද්, ඊශ‍්‍රායල් අගමැති බෙන්ජමින් නතනියාහු, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී යන නායකයෝ මෙම තරුනයා හමුවී ඔහුගේ වික‍්‍රමය ඇගයීය. මෙම සියලූ ක‍්‍රියාවලින් පසු 20 වෙනි අගහරුවාදා ප‍්‍රංශ අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති විශේෂ උත්සවයකදී අභ්‍යන්තර ආරක්ෂක ඇමති හා ප‍්‍රංශ අගමැති මැනුවෙල් වාස් අතින් ලසානා බැතිලි තරුණයා ප‍්‍රංශ පුරවැසිකම ලබා ගත්තේය.

මෙම වීරයෙක් යැයි නොසිතමි. සෑම මිනිසෙකුම මට එක වගේ. ඔවුන් රැක ගැනීමට මම වෙහෙසුණා. මානව හිතවාදි ප‍්‍රංශය වැනි රටක පුරවැසියකුවීම ගැන මම හදවතින්ම සතුටු වෙමියි. පුරවැසි සහතිකය පත අතට ගත් ලසානා බැතිලි පැවසීය.

01 02 03

 



අදහස් (0)

මාලි වීරයාට ප්‍රංශ පුරවැසිකම

දුම්මලසුරිය Wednesday, 28 January 2015 09:03 AM

ඇත්තටම ඔහුව අගය කිරීම ගැන ප්‍රංස රජයට ස්තුති කල යුතුයි. ඒ වගේම ඒ තරුණයටත් ඒ ස්තුතිය හා අගය කිරීම අනිවාර්යෙන්ම ලැබිය යුතුයි. මන්ද කියනවනම් ප්‍රංස පුරවැසියෙකු නොවුන ඔහුට ඒ භයානක අවස්ථාවේදී තමන්ගේ ජීවිතය ගැන විතරක් හිතල තමන් පමණක් රැකෙන්න හොදටම අවස්ථාව තිබුණා. නමුත් ඔහු නියම මනුෂ්‍යකු විදියට අනෙක් මනුෂ්‍ය ජීවිතවල තියන වටිනාකමත් තේරුම් ගෙන ඒ අන් සියලු දෙනාත් රැකගන්න ඉදිරිපත් උනා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site