මාලි රාජ්‍යයේ බර්කිනාෆාසෝ දේශ සීමාව ආසන්නයේ හමුදා මුරපොළ දෙකකට එල්ල කෙරුණු ප්‍රහාර හේතුවෙන් සෙබලුන් 25 දෙනෙකු පමණ මියගොස් 60 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
බවුල්කසි හා මොන්ඩෝරෝ නගර වල පිහිටි මුරපොළ දෙකකට මෙසේ ප්‍රහාර එල්ල වී ඇත.
රජයේ හමුදා විසින් ත්‍රස්තයින් 15දෙනකු ඝාතනය කර ඇති අතර එම ප්‍රදේශය නැවත අත්පත් කරගෙන ඇති බවද පැවසේ.
මාලි හමුදාව විසින් මේ වනවිට එම ප්‍රදේශයේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇත. ඔවුන්ට බර්කිනාෆාසෝ හා ප්‍රංශ හමුදා එක්ව සිටිති.
ජිහාදි සහ වාර්ගික කණ්ඩායම් මාලි දේශයේ ගැටුම් ඇති කරන අතර රජයේ හමුදා වෙත මෙම වසරේදී එල්ලවූ දැවැන්තම ප්‍රහාරය මෙය බව මාධ්‍ය වාර්තා කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd