
අප්‍රිකාවට අයත් මාලි රාජ්‍යයේ බමාකෝ අගනුවර පොලිස් පුහුණු කඳවුරකට සහ ගුවන්තොටුපළකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයෝ 70 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 255 කද් යැයි රෝහල් ආරංචි මාර්ග පවසා ඇත. තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද පැවැසෙයි.
ප්‍රහාරය එල්ල කළේ අල් කයිඩා ත්‍රස්ත සංවිධානය සමඟ හිතවත්කම් පවත්වන ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ය. අල් කයිඩා හිතවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සහ මාලි රජයේ හමුදා අතරේ ගැටුම් පවතින්නේ දශකයකට වැඩි කාලයක් තිස්සේය. එම කාලයේ අන්තවාදීන්ගෙන් එල්ල වුණු දරුණුතම ප්‍රහාරය මෙය යැයි පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd