ප්‍රංශ තානාපති ජොඑල් මෙයර් හට මාලි රාජ්‍යයෙන් පැය 72ක් ඇතුළත පිටව යන ලෙස මිලිටරි ජුන්ටාව දැනුම් දී ඇත.
මෙසේ ප්‍රංශ තානාපති හට රටින් පිටවන ලෙස දැනුම්දීමට හේතු වී ඇත්තේ ප්‍රංශ විදේශ අමාත්‍ය ජීන් යුවෙස් ලේ ඩ්‍රියන් මහතා විසින් හමුදා පාලනයට විරුද්ධව විවිධ මත ප්‍රකාශ කිරීමය.
මාලි රාජ්‍යයේ මේ වන විට හමුදා කුමන්ත්‍රණ දෙකක් සිදු වී ඇත. ප්‍රංශ විදෙස් ඇමතිවරයා මාලි මිලිටරි ජුන්ටාව පාලනයෙන් තොර වී ඇති බවත් මාලි රාජ්‍ය නීති විරෝධිව පාලනය කරන බවත් පවසා ඇත.
ප්‍රංශ ආරක්ෂක අමාත්‍ය ෆ්ලෝරන්ස් පාර්ලි පැවසුවේ ප්‍රංශය මැදිහත් වීමේදී දමනු ලැබූ කොන්දේසි මාලි මිලිටරි ජුන්ටාව අහක දමා ඇති බවත් එම කොන්දේසි හමුදාමය, ආර්ථිකමය හෝ දේශපාලනමය කුමන අංශයකට අයිති වූවත් දිනෙන් දින කළමනාකරණය කිරීමට අපහසු තත්වයක් උදාවෙමින් පවතින බවය.
මෙසේ සීමාවක් නොමැතිව කොන්දේසි විරහිතව තම හමුදාවන්ට මාලි රාජ්‍යයේ රැඳී සිටීමට හැකියාවක් නොමැති බව ප්‍රංශ ආරක්ෂක ඇමතිවරයා ප්‍රකාශ කළේය.
හමුදා කුමන්ත්‍රණයෙන් පසු ඡන්දයක් නොපැවැත්වීම හේතුවෙන් මාලි රාජ්‍ය යුරෝපා මිත්‍ර රටවල් සමග තිබෙන සම්බන්ධතාවය පළුදු වෙමින් පවතී.
මාලි රාජ්‍ය පැවසුවේ තමන්ගේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි නොගසා සිටිනා ලෙසය.
(විමුක්ති එස් රුද්‍රිගු - ෆ්‍රාන්ස්24)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මාලි ප්‍රංශ තානාපතිට යන්න කියයි