තමා සතු බලතල ඉක්මවා යමින් විනිසුරුවරෙයෙකු අත්අඩංගුවට ගැනීමට නියෝග කළ වරදට අවුරුදු 13 ක සිරදඩුවම් නියමවී තිබෙන මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඞ් නෂීඞ් නිදහස් කරන්නැයි ඉල්ලා ඔහුගේ ආධාරකරුවෝ පිරිසක් දිය යට විරෝධතාවක් පැවැත්වූහ.

නෂීඞ් නිදහස් කරන්න යැයි සඳහන්වූ ටී ෂර්ටයන් පැළද සිටි හිටපු ජනපතිගේ ආධාරකරුවෝ සියයක් පමණ මෙම විරෝධතාවට එක්ව සිටියහ.ඔවුන් සියලූදෙනා කිමිදුම් උපකරණ පැළද දියෙහි ගිලී විරෝධතාවයේ නියැලූනහ.

හිටපු ජනපතිවරයා බලයෙන් පහ කෙරුණේ දේශපාලන පළිගැනීමක ප‍්‍රතිඵලයක් ලෙස යැයි ඔවුන්ගේ අදහසයි.

මාලදිවයිනේ වත්මන් ජනපති අබ්දුල්ලා යමින්  කියනුයේ අනුව හිටපු ජනපතිවරයා සිරගත කර තිබෙන්නේ ඔහුගේ වැරදි වලට දඩුවම් ලෙසය.මෙය මාලදිවයිනේ නීති පද්ධතිය සැමට සමානව බලපැවැත්වෙන බව පෙන්වාදෙන්නක්යැයි ඔහු කියයි.

විනිසුරු අත්අඩංගුවට ගන්නැයි හිටපු ජනපති නවුෂීඞ් නියෝග කිරීමත් සමග ඔහුට එරෙහිව විශාල ජන රැල්ලක් මාලදිවයිනෙන් මතුවූ අතර ඉන් මාස 18 ට පසු පැවැත්වු පාර්ලිමෙන්තු මැතිවරණයෙදී ප‍්‍රතිවාදියාවූ අබ්දුල්ලා යමින් හමුවේ ඔහු පරාජය විය.

විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීමට හවුල්වූ හිටපු ආරක්ෂක අමාත්‍ය තොලත් ඊබ‍්‍රාහිම්දටද වසර 10 ක සිරදඩුවම් නියමවී තිබේ.

0 supporters-of-maldives-ex-president-mohamed-nasheed-hold-underwater-protest underwater-protest-maldives-e1428765628814