තමා සතු බලතල ඉක්මවා යමින් විනිසුරුවරෙයෙකු අත්අඩංගුවට ගැනීමට නියෝග කළ වරදට අවුරුදු 13 ක සිරදඩුවම් නියමවී තිබෙන මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඞ් නෂීඞ් නිදහස් කරන්නැයි ඉල්ලා ඔහුගේ ආධාරකරුවෝ පිරිසක් දිය යට විරෝධතාවක් පැවැත්වූහ.
නෂීඞ් නිදහස් කරන්න යැයි සඳහන්වූ ටී ෂර්ටයන් පැළද සිටි හිටපු ජනපතිගේ ආධාරකරුවෝ සියයක් පමණ මෙම විරෝධතාවට එක්ව සිටියහ.ඔවුන් සියලූදෙනා කිමිදුම් උපකරණ පැළද දියෙහි ගිලී විරෝධතාවයේ නියැලූනහ.
හිටපු ජනපතිවරයා බලයෙන් පහ කෙරුණේ දේශපාලන පළිගැනීමක ප‍්‍රතිඵලයක් ලෙස යැයි ඔවුන්ගේ අදහසයි.
මාලදිවයිනේ වත්මන් ජනපති අබ්දුල්ලා යමින් කියනුයේ අනුව හිටපු ජනපතිවරයා සිරගත කර තිබෙන්නේ ඔහුගේ වැරදි වලට දඩුවම් ලෙසය.මෙය මාලදිවයිනේ නීති පද්ධතිය සැමට සමානව බලපැවැත්වෙන බව පෙන්වාදෙන්නක්යැයි ඔහු කියයි.
විනිසුරු අත්අඩංගුවට ගන්නැයි හිටපු ජනපති නවුෂීඞ් නියෝග කිරීමත් සමග ඔහුට එරෙහිව විශාල ජන රැල්ලක් මාලදිවයිනෙන් මතුවූ අතර ඉන් මාස 18 ට පසු පැවැත්වු පාර්ලිමෙන්තු මැතිවරණයෙදී ප‍්‍රතිවාදියාවූ අබ්දුල්ලා යමින් හමුවේ ඔහු පරාජය විය.
විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීමට හවුල්වූ හිටපු ආරක්ෂක අමාත්‍ය තොලත් ඊබ‍්‍රාහිම්දටද වසර 10 ක සිරදඩුවම් නියමවී තිබේ.
2025 දෙසැම්බර් මස 18
609
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
"මාලේ දිය යට විරෝධයක් "
දුමින්ද Wednesday, 15 April 2015 06:32 AM
බලය දූෂිත වේ මොළය නැත්නම්... (නි)
ගයාන් Sunday, 12 April 2015 05:55 PM
මෙන්න කරනවා නම් අපේ අයටත් හොඳ ක්‍රමයක්. මොකද අපි දිය යටිනුත් ගින්දර ගෙනියන්න දන්නා කට්ටිය (නි)