
රෂ්මිකා මන්දනා කණ්ණඩ සිනමාව අමතක කර ඇතැයි කණ්ණඩ සිනමා කර්මාන්තයට සම්බන්ධ බොහෝ දෙනකු මෙන්ම කණ්ණඩ සිනමා ලෝලීන් ද චෝදනා කරයි.
ලොවක් වසඟ කළ සුරූපිනියක වන රෂ්මිකාගේ ආරම්භය සිදුවූයේ කණ්ණඩ සිනමාවෙන් බව බොහෝ දෙනකුගේ අදහසය. රෂ්මිකාගේ පළමු සිනමා නිර්මාණය ලෙස සැලකෙන්නේ 'සිරික් පාර්ක්' ය.
පසුගිය දා පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඇය එම චිත්‍රපටයේ නම පමණක් සඳහන් කළ අතර චිතුපටය ගැන හෝ ඊට සම්බන්ධ වූවන් ගැන හෝ කිසිවක් පැවැසුවේ නැත.
මෙය කණ්ණඩ සිනමා කර්මාකයේ බොහෝ දෙනාගේ සිත් තැවුලට හේතුවක් වී තිබේ. රෂ්මිකා මුල අමතක කළ නිළියක් යැයි චෝදනා එල්ල වී ඇත්තේ මේ නිසාය.
(ටයිම්ස් ඔෆ් ඉන්දියා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd