මිට වසර දෙකකට පෙර අතුරුදහන් වූ මලයාසියා ගුවන් යානයේ සුන්බුන් කොටස් යැයි කිව හැකි කොටස් කිහිපයක් හමු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් යානයක කැබිනයේ කොටස් යැයි සිතිය හැකි මේ කොටස් හමුවී ඇත්තේ මුරුසි දුපත අසල රොඩ්රිජස් දුපතේ සංචාරයකයන් දෙදෙනෙකුටය.
ගුවන් යානය පිළිබද පරීක්ෂණ සිදු කරන ඕස්ට්‍රේලියා නිලධාරීන්ට එම කොටස් ලබාදී ඇති බවට සදහන්ය.
2014 මාර්තු මස මැලේසියා ගුවන් සමාගමට අයත් එම්.එච් 370 ගුවන් යානය ක්වාලාලම්පුර් සිට බිජින්ග් දක්වා ගමනේදී මගීන් 239ක් සමග අතුරුදහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් හරියට යහපාලන හොරු ඇල්ලීම වගේ තමයි.මේ ගුවන් යානයේ බවට සැක කෑලි කීයක් හමුවුනාද?.තාමත් සැක විතරයි විසඳුම් නෑ.(බ)
එ් කියන්නේ අර මාලදිවයින් ජාතිකයෝ යානාවක් පහතින් යනවා දැක්කා කියන කතාව අැත්තක්ද? එක වහන්න ඕස්ට්‍රේලියාව බොරුවට මුහුදෙන් සංඥා එනවා කියලා ලෝකය මුලාකළාද? කිසියම් පිරිසක් එ්කේ ගිය කවුරුන් හෝ චීනයට ගොඩබැසීම වළක්වන්න හිතාමතා කළ දෙයක්ද කියලත් සිතෙනවා. (නි)
පසුගිය ටිකේම ගුවන්යානා කොටස් හමුවුණා එක එක රටවල් වලින්. මේ ඔක්කොම මැලේසියා යානාවේද? පුදුමයි! (නි)