'මර්බර්ග්' වයිරස ව්‍යාප්තිය ගැන තමන් විමසිල්ලෙන් පසුවන බවත්, දෛනිකව ලෝක සෞඛ්‍ය සංවිධානයට ආසාදිතයන් පිළිබඳ දැනුවත් කරන බවත් ඝානා සෞඛ්‍ය අංශ පවසයි.
ඝානා යනු අප්‍රිකා රාජ්‍යයක් වන අතර, 'මර්බර්ග්' යනු අප්‍රිකා රටවලින් වාර්තා වන වයිරසයකි. කෙසේ නමුත් මේ වනවිට ඝානා රාජ්‍යයේ 'මර්බර්ග්' ආසාදිතයන් අසාමාන්‍ය ලෙස වැඩි වෙමින් පවතී. මෙම වයිරසය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙයි.
ඝානා සෞඛ්‍ය අංශ පවසන ආකාරයට ඊයේ (19) වනවිට එරටින් හඳුනා ගැණුනු 'මර්බග්' වයිරස ආසාදිතයන් ගණන 98 කි. මරණ දෙකක් ද වාර්තා වෙයි.
'මර්බර්ග්' වයිරසය පළමුවෙන් හඳුනා ගැණුනේ 1967 දී ජර්මනියෙන් සහ එවකට පැවැති යුගොස්ලාවියා රාජ්‍යයෙනි. ජර්මනියට සහ යුගොස්ලාවියාවට වයිරසය ව්‍යාප්ත වී ඇත්තේ අප්‍රිකාවෙන් ගෙනා වඳුරන්ගෙනි. අප්‍රිකානු රටවල ඒ වනවිටත් වයිරසය ව්‍යාප්ත වෙමින් තිබුණි. මෙය ඉබෝලා පවුලට අයත් සාමාජිකයෙකි. උණ, සීතල ගතියක් දැනීම සහ මාංශපේෂී වේදනාව රෝග ලක්ෂණය.
(ඒ.එෆ්.පී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
’මර්බර්ග්’ වයිරසය ගැන විමසිල්ලෙන්