මාරාන්තික විෂ සහිත දිලීරයක් ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇතැයි විද්‍යාඥයෝ පවසති.
ෆයර් කොරල් ලෙස හඳුන්වන රතු පැහැයෙන් යුත් මෙම දිලීරය ශරීරගත වුවහොත් මොළයට සහ ඉන්ද්‍රියයන්ට හානි සිදුවන බව වෛද්‍යවරුන්ගේ මතයයි. ජේම්ස් කුක් සරසවියේ පර්යේෂකයන් පවසන්නේ මෙය සමේ තැවරීම පවා හානිදායක බවයි. එයින් සම මත තුවාල හා දැවිල්ල ඇති වන බවද ඔවුහු පවසති.
විෂ සහිත හතු වර්ග සියගණනක් සම්බන්ධව තොරතුරු ඇතත් සම හරහා විෂ අවශෝෂණය වන එකම දිලීරය මෙය බව ද පර්යේෂකයන් සඳහන් කර ඇත.
මෙම දිලීරය ජපානයේ හා කොරියාවේ සමහර ප්‍රදේශ වලින් මීට පෙර වාර්තා වී ඇති නමුත් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇත්තේ ප්‍රථම වතාවටය.
මෙය කෙයින්ස් නගරය ආසන්නයේ වැසි වනාන්තරයක තිබී ඡායාරූප ශිල්පියකු විසින් රූගත කිරීමෙන් පසුව හඳුනාගෙන ඇත.
(බීබිසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd