IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මෝරුන් නිසා ඕක් අයිලන්ඩ් කැළඹෙයි

ඇමරිකාවේ උතුරු කැරොලිනා ප‍්‍රදේශයේ ප‍්‍රකට වෙරළ තීරයක් වන ඕක් අයිලන්ඩ්හි පසුගියදා පිටපිටම සිදුවූ මෝර ප‍්‍රහාරයන් දෙකක් නිසා මහත් කලබලකාරී තත්ත්වයක් ඇතිවිය.

එක් මෝර ප‍්‍රහාරයකට ලක්ව 16 හැවිරිදි දැරියක් තුවාළ ලැබුවාය. ඇයගේ වම් අත තිබුණේ වැලමිටෙන් සම්පූර්ණයෙන්ම වෙන්ව තිබිණි. පැයක් ගතවීමට මත්තෙන් තවත් මෝර ප‍්‍රහාරයක් එල්ල විය. එවර තුවාළ ලබා සිටියේ පිරිමි දරුවෙකි. ඔහුගේද එක් අතක් තිබුණේ දෙකට වෙන්වීය.

දෙදෙනම වහාම රෝහල් කරා ගෙනයනු ලැබුණි. ඔවුන්ගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව සඳහන්ය.

ඒ සමගම ඕක් අයිලන්ඩ් වෙරළ තීරය දින නියමයක් නොමැතිව වසා දැමුණි. කෙසේ වුවත් ඇමරිකා මාධ්‍ය වාර්තා කරන ආකාරයට වෙරළ තීරය මේ වන විට නැවත වරක් විවෘත කර තිබේ.

ප‍්‍රහාර දෙකම එල්ල කර තිබෙන්නේ එකම මෝරෙකු දැයි යන්න තවමත් පැහැදිලි කරගත නොහැකිව තිබෙන්නකි. නගර බළධාරීන් පවසන ආකාරයට ඉතාම ආරක්ෂිත වෙරළ තීරයක් ලෙස නමක් දිනාගෙන සිටින  ඕක් අයිලන්ඩ්හි මෙවන් මෝර ප‍්‍රහාරයක් වාර්තාවූ පළමු අවස්ථාවද මෙයයි.

දරුවන් දෙදෙන මෝර ප‍්‍රහාරයට ලක්ව තිබෙන්නේ ඉණක් තරමට ගැඹුරු දියේ බැස සිටියදී වීමද විශේෂය.

වෙරළාරක්ෂකයින් පවසන ආකාරයට වසරේ මේ කාලයට මිනිසුන් වෙරළට පැමිණෙනවා සේම මෝරුන්ද පැමිණීම බලාපොරොත්තුවිය යුත්තකි.සතුන් මරා දැමිම කළ නොහැකි නිසා වෙරළට පැමිණෙන්නවුන්ට ආරක්ෂාකාරී වන්නැයි උපදෙස් දෙනවා හැරෙන්නය අන් කළ හැකි දෙයක් තමන්ට නැතැයි ඔවුන් කියයි.

ඔක් අයිලන්ඩ් වලට නුදුරින් පිහිටි තවත් වෙරළතීරයකද මෝරුන් ගැවසෙනු හදුනාගත හැකිව ඇත.

29A03C5F00000578-0-image-a-32_1434332371433[1] 29A03C6300000578-0-image-a-37_1434332488656[1] 29A0794C00000578-3124048-image-a-2_1434335882985[1] 29A5526C00000578-3124827-image-a-1_1434388055857[1] 29A6015900000578-3124827-image-a-21_1434402347459[1] 29A6025700000578-3124827-image-a-27_1434402358824[1]

 



අදහස් (0)

මෝරුන් නිසා ඕක් අයිලන්ඩ් කැළඹෙයි

මනෝජ් Wednesday, 17 June 2015 04:03 AM

ඇඳගෙන ඉන්න ඇඳුම් දැක්කම මෝරුත් කලබල වෙනවා ඇති.(නදී)

:       0       0

ද සිල්වා Thursday, 18 June 2015 05:10 AM

සමහරුන්ගේ ප්‍රතිචාර දැක්කම මට පුදුම හිතෙනවා ,මුදේ නාන්න යනකොට නාන ඇදුම් ඇදගෙන නාන්නේ නැතුව සාරි ඇඳගෙන නානවද මහත්වරුනේ , මේ සිද්ධිය වෙලා තිබෙන්නේ ඇමෙරිකාවේ ඔර්ක්ලන්ඩ් වෙරළේ මිසක් ලංකාවේ මැණික් ගඟේ හෝ ඉන්දියාවේ ගංගා නම් ගඟේ හෝ නෙවේ , "දේසේ හැටියට බාසේ" (ස)

:       0       0

විජිත Wednesday, 17 June 2015 12:44 PM

පවු ඒ අහිංසක දරුවන් දෙදෙනා! (නි)

:       0       0

දර්මා Thursday, 18 June 2015 05:34 AM

ආරක්‍ෂිත වැටක් දැම්මනම් හරි (ම)

:       0       0

මාරසිංහ Wednesday, 17 June 2015 01:49 PM

සිල්වා, ඇත්තද ඔයා මුහුදු වෙරළේදී මෝරෙකුට අහුවුණා කියන්නේ? (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 17 June 2015 02:16 PM

මෝරු කලබල වෙලා සිල්වාව හොයනවද දන්නැහැ.? (ර)

:       0       0

මනෝ Wednesday, 17 June 2015 03:23 PM

මෝරා කොහොමවෙතත් සිල්වා ගේ නයා පාර නම් පොඩි නෑ. (ර)

:       0       0

ඩයස් Thursday, 02 July 2015 06:26 PM

සිල්වා ගැන මට කියන්න දෙයක් නැහැ (නි)

:       0       0

සිල්වා Thursday, 18 June 2015 08:34 AM

සමහර මිනිසුන්ට මැජික් මේවා මම මෙතන විතරක් නෙමෙයි මයාමි,සේන්මටින්,කිවෙස්ට්,වෙර්ජින් ඓලන්ඩ් වොෂින්ටන් කැරබියන්,බහමාස් ඔයමුලු වටේම කරක් ගහල තියෙනවා (නදී)

:       0       0

සිල්වා Wednesday, 17 June 2015 09:12 AM

මම ඔය මුහුදු වෙරළට ගහිල්ල තියෙනවා 2010 ඇමරිකාවේ ඉන්නකොට . (ස)

:       0       0

රුවන් Thursday, 18 June 2015 03:19 AM

මෙතන පිරිමි වහගෙන ගැහැණු ඇරගෙන. මෝරු යන්නේ කගේ පස්සෙද? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 473 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2223 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site