තේ පානය කිරීමෙන් මරණය තාවකාලිකව කල්දමා ගත හැකි බව පර්යේෂණයකින් හෙළිවී තිබේ.
බ්‍රිතාන්‍යය ජාතික පර්යේෂකයින් පිරිසක් සිදුකර ඇති මෙම පර්යේෂණයෙන් අනාවරණයව ඇති පරිදි තේ පානය කරන්නවුන්ට තේ පානය නොකරන්නවුන්ට වඩා වැඩි කාලයක් ජීවත් වීමට සියයට 25 ක පමණ අවස්ථාවක් ඇත.
පර්යේෂණය සදහා වයස අවුරුදු 18 ත් 95 ත් අතර පුද්ගලයින් 131401 ක් යොදාගෙන ඇති ඔවුන් එම පුද්ගලයින්ට ලබාදුන් ප්‍රශ්නාවලියක් ආධාරයෙන් මෙම තොරතුරු සොයාගෙන තිබේ.
එම ප්‍රශ්නාවලියෙන් තේ හා කෝපි පානය කරන්නන්ද වෙන් වෙන් වශයෙන් සළකා බලා තිබෙන අතර එහිදී හෙළිව ඇත්තේ කෝපි වැඩි වශයෙන් පානය කරන්නන්ට හෘද රෝග වැළදීමේ අවදානමක් තිබෙන බවයි.
වැඩිපුර තේ පානය කරන්නුයේ කාන්තාවන් බවත් පිරිමින් ප්‍රියකරන්නේ කෝපි පානය කරන්නට බවත් මෙම පර්යේෂණය ආධාරයෙන් සොයාගැනීමට පර්යේෂක පිරිසට හැකිව ඇත.
තේ වල අන්තර්ගත ස්වභාවික රසකාරක හා ඔක්සිහාරක සංයෝගයන් සිරුරට යහපත් වන හෙයින් මෙසේ සිදුවන බව පර්යේෂක පිරිසගේ අදහසයි.
තේ පානය හදවතටද සුවදායක වන බවත්, රුධිර පීඩනය අඩු කිරීමට හේතු වන බවත් මීට පෙර සොයාගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ තේ හොඳ නැද්ද? (නි)
අපේ රටේ හොඳ දේ පිටට දීල නරක දේ අපි අරගෙන අපිම අපිටම ලෙඩ හදාගන්නවා (නි)
නියමයිනේ! (නි)
මේක නම් හොඳ ආරංචියක්. එ් වුණාට ලංකාවේ අය බොන්නේ හොඳ තේ වෙනුවට කසල තේනේ (නි)
ඒකද දන්නෙ නැහැ පහුගිය දවස්වල කසල තේ වලටත් ඉල්ලුමක් තිබුණේ. (නි)
මෙහෙ තේ හදහන කම්හල්වල කම්කරුවන්ගේ බුලත් කෙල වලින් තේ අපිරිසිදු වෙනවා.ජීවිතේ තවත් කෙටිවෙනවා මේවා බිව්වොත්. (අ)
මගේ මාමා වැඩිපුර බොන්නේ තේ. එයා තාම ලෙඩක් දුකක් නැතුව ඉන්නවා. කතාව ඇත්ත. තේ බොමු නොමැරී සිටිමු (නි)
තේ 10ක් මම ගත්තා (නදී)
මාත් මේ කතාව අසා තිබෙනවා (නි)
තේ වතු හිමියන්ට හොඳ ආරංචියක් (නි)
තේ වතු හිමියන්ට හොඳ ආරංචියක්. ඒ වුණත් දැන් යුරෝපා රට වලට තේ ගෙන්වන්නේ කෙන්යාවෙන්. හේතුව ලංකාවේ කසල තේ නිසා (නි)
ඒක නම් ඇත්ත තමයි රුවන්තක. කසල තේ වල ඇති රෙදි සෝඩා වලින් අප ශරීරයට හානි වෙනවා. යුරෝපයේ එංගලන්තය ඇරුනාම අන් රටවල අය බොන්නේ කෝපි. ලෝකයෙන්ම හොඳම තේ හදන අපේ රටේ අපි බොන්නේ දහ ජරාව (නි)
හැබැයි ලංකාව සම්බන්ධයෙන්නම් මට තියෙන්නේ වෙනස් හැඟීමක්. අපේ මිනිස්සු වැඩිපුර තේ බිව්වොත් ආයු අපේක්ෂාව අඩුවෙනවා විතරක් නෙමෙයි කසල තේ වලට ප්‍රසිද්ධ ලංකාවේ ඒවාට කලවම් කරන දේ නිසා වකුගඩු වුණත් ලෙඩවෙන්න පුළුවන් (නි)
මේ කියන්නේ ග්‍රීන් ටී ගැන විතරද? (නදී)
කොච්චර හොඳද අපේ රටේ තේ? (නි)
මේවා කිසිම දෙයක් පිළිගන්න අමාරුයි මට නම් (නි)
එහෙනම් අපේ තේ වලට පිටරට වලින් හොඳ ඉල්ලුමක් ලැබේවි නේද? (නි)