ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහර දෙද්දී, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගියැයි කී ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාද් යහතින් සිටින බව මේ වනවිට තහවුරු වී ඇත.

හිටපු ජනාධිපති අහමදිනෙජාද් යහතින් සිටින බව තහවුරු වූයේ ඔහු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වී කමේනිගේ දේහයට අවසන් ගෞරව දැත්වීමත් සමගය.

නායක අයතුල්ලා කමේනීට අවසන් ​දැක්වීමට එක් රොක්වුණු ලක්ෂ ගණනක් ඉරාන වැසියන් අතරේ කළු පැහැති ඇඳුමෙන් සැරසුණු අහමදිනෙජාද් සිටින වීඩියෝ සහ ඡායාරූප මේ වනවිට ඉරාන මාධ්‍ය ප්‍රසිද්ධියට පත් කර ඇත.

ඊශ්‍රායල සහ ඇමෙරිකානු ප්‍රහාර හමුවේ උත්තරීතර නායක කමේනි ඇතුළු එරට ඉහළ පෙළේ නායකයින් රැසක් ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වූයේ ඉකුත් මාර්තුවේදීය. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ප්‍රහාර ආරම්භ කළේ පෙබරවාරි 28 වැනිදාය.

මොහොමද් අහමදිනෙජාද් 2005 සිට 2013 දක්වා ඉරානයේ ජනාධිපති ධුරය හෙබවීය.

ඊශ්‍රායලය ප්‍රහාරවලින් මියගියැයි කී අහමදිනෙජාද් එදා සිට මේ දක්වා ප්‍රසිද්ධියේ පෙනී සිට නැත. එසේ වුවත් අහමදිනෙජාද් මියනොගිය බව ඉරාන රජය තරයේ අවධාරණය කර තිබුණි.