IMG-LOGO

මරණ දඬුවමට මුහුණ දෙන්නවෙන රටකට අසාන්ජ් යවන්නේ නෑ

මරණ දඬුවම ක්‍රියාත්මක කරන හෝ වදහිංසා කරන කිසිදු රටකට ජුලියන් අසාන්ජ් නොයවන බව ඉක්වදෝර ජනාධිපතිවරයා අද (11) ප්‍රකාශ කළේය. 

“ජූලියන් අසාන්ජ්ට වදහිංසාවලට හෝ මරණ දඬුවමට හෝ මුහුණ දීමට සිදුවන රටකට ඔහු නොයවන ලෙස මම මහ බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටියා. ඒ වෙනුවෙන් මම ඔවුන්ගෙන් සහතිකයක් ඉල්ලා සිටියා” යැයි ඉක්වදෝර ජනාධිපති ලෙනින් මොරේනෝ සමාජ මාධ්‍ය ඔස්සේ විඩියෝ පටයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

“ස්ථීරවම එම අවශ්‍යතාව සපුරන බව බ්‍රිතාන්‍ය රජය මට දන්වා සිටියා. ඔවුන් ඒ බව මට ලිඛිතව දැන්වුවා” මොරේනෝ පැවැසීය. 

ජූලියන් අසාන්ජ් අද (11) ලන්ඩන් පොලිස් අත්අඩංගුවට පත්විය. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය නිකුත් කළ වරෙන්තුවකට යැයි ද ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්විණි. ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට අනුව 2010 වසරේදී එරටට අයත් ආරක්ෂක අංශවලට අයත් තොරතුරු සහ බුද්ධි තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් අසාන්ජ්ට චෝදනා එල්ල වී තිබේ. 

කෙසේ නමුත් එම චෝදනාවලට වරදකරු වුවහොත් අසාන්ජ ට මරණ දඬුවම හිමි නොවන නමුත් ඔහුට වසර පහක සිර දඬුවමක් හිමිවනු ඇතැයි එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055

 



අදහස් (3)

මරණ දඬුවමට මුහුණ දෙන්නවෙන රටකට අසාන්ජ් යවන්නේ නෑ

Daham Friday, 12 April 2019 07:45 AM

පේනවනේ කවුරු වුනත් කමක් නැහැ එක්සත් ජනපදයෙන් වරෙන්තු නිකුත් කලොත් ලෝකේ කොහේ හැංගුනත් පන පිටින් හරි පන නැතුව හරි අල්ලනවා , ඕක පටන් ගන්නේ සිතාසියක් බාරදීමෙන්

:       218       282

ruwan Friday, 12 April 2019 08:20 AM

ඔබට සතුටුයිද දැන්?

:       1       66

anura Saturday, 13 April 2019 02:39 PM

අපේ රටත් මහ ලොකුවට අදහන ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්ථිය යටින් හිලක් හැදිලා දැන් ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලනවා.

:       0       121

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1444 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 531 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 600 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site