මරණ දඬුවම වෙනුවට ඵලදායී දඬුවමක් ලබාදිය යුතු බව ඉරාන අධිකරණ අමාත්‍ය මුස්තාෆා පෝර්මොහොමඩි පවසයි. සුළු වැරදි වලට මරණ දඬුවම ක්‍රියාත්මක නොකර දූෂිතම පුද්ගලයින්ට පමණක් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු කියයි.
“අපරාධ නීතිය සංශෝධනය කළ යුතුයි.මරණ දඬුවමට වෙනුවට ගැළපෙන දඬුවමක් සොයාගන්න ඕනෑ.මරණ දඬුවම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ නොහැකියි.බරපතල අපරාධකරුවන්ට එය අනිවාර්යෙන් ක්‍රියාත්මක විය යුතුයි“යැයි ඔහු පැවසීය
2015 දී ඉරානයේ 977 දෙනකුට මරණ දඬුවම ලබා දී ඇති බවත් ඉන් බහුතරය මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් වන බවත් සමීක්ෂණ පෙන්වා දෙයි.
එරට පවතින නීතිය අනුව මත්ද්‍රව්‍ය අපරාධ සදහා මරණ දඬුවම අනිවාර්ය නොවන අතර බොහෝ අවස්ථාවන්හී ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම කරයි.
පෞද්ගලික පරිභෝජනය සදහා තබාගන්නා මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් නිසා වුවද මරණ දඬුවම ලබා දෙන බවත් එය අසාධාරණ බවත් අධිකරණ විශේෂඥයෝ පවසති.
(ඉරාන අධිකරණ අමාත්‍ය මුස්තාෆා පෝර්මොහොමඩි)
(ඡායාරූප-ඒ.එෆ්.පී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිහිනයක්ද මේ...? (නි)
ඉතා වටිනා අදහසක්. මිනිමරුවට වුවත් වරදින් නැගී සිටීමට අවස්ථාවක් දිය යුතුයි! මෙය සිදුකළ යුතු අයුරු සිතා බැලිය යුතුයි. (බ)