
ඉන්දියාවේ ‘මරුටි’ මෝටර් රථ නිෂ්පාදන සමාගමේ නිර්මාතෘ, වී. ක්‍රිෂ්ණමූර්ති අභාවප්‍රාප්ත විය.
මියයනවිට ඔහු 97 හැවිරිදි වියෙහි පසුවිය. ක්‍රිෂ්ණමූර්ති, දෙවන ලෝක යුද සමයේ ගුවන් තොටුපල කාර්මිකයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අයෙකි.
ඔහු ‘මරුටි උද්යෝග්’ සමාගමේ නිර්මාතෘ සහ එහි සභාපති ලෙස කටයුතු කළ අතර, අතිශය ජනප්‍රිය ‘මරුටි 800’ මෝටර් රථය වෙළඳපොළට හඳුන්වා දීමේ දී විශාල කාර්ය භාර්යයක් ඉටු කළේය.
මරුටි මෝටර් රථ ඉන්දියාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කළේය.
‘මරුටි 800’ මෝටර් රථය, ඉන්දියාවේ පමණක් නොව ආසියානු රටවල ද අතිශය ජනප්‍රිය විය.
‘මරුටි සුසුකි’ සමාගම අද සිටින තත්ත්වයට ගෙන ඒමට විශාල දායකත්වයක් ලබා දුන්නේය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd