
බටහිර පාකිස්තානයේ හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.
බෝම්බකරු යතුරු පැදියකින් පැමිණ හමුදා රථ පෙළේ හැපුණු බව පාකිස්තාන හමුදාව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. බෝම්බ ප්‍රහාරයෙන් පාකිස්තාන සෙබළු නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ප්‍රහාරය එල්ල වූයේ පාකිස්තානයේ ඇෆ්ගන් දේශසීමාවට ආසන්නයේ පිහිටි බන්නු දිස්ත්‍රික්කයේය. ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ ‘තරීක් ඊ තලේබාන්’ නමැති පාකිස්තානයේ ක්‍රියාත්මක තලේබාන් ත්‍රස්තවාදීන් යැයි සැක කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd