සෝමාලියාවේ මධ්‍යම ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයක සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 15දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මියගිය අය අතර පූජකවරයෙකු ද සිටින බව බලධාරීහු පවසති.
 
ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයන් තිදෙනා ද මියගොස් ඇති බව පොලිසිය පවසයි.
 
අල් ශබාබ් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති අතර ඔවුන් පවසන්නනේ බෝම්බ ප්‍රහාරයෙන් 26දෙනකු ඝාතනය වූ බවයි.
 
මෙම සංවිධානය 2011 වර්ශයේ සිට සෝමාලියාවේ මොගඩිෂු නගරය කේන්ද්‍ර කරගෙන සටන් මෙහෙයවයි.
 
(රොයිටර් ඇසුරිණි - 085)