නයිජීරියාවේ උතුරු කැනෝ ප්‍රාන්තයේ සෙයිති මුස්ලිම්වරුන්ගේ සංකේතාත්මක පෙළපාළියකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් 21 දෙනෙක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි සිඑන්එන් පුවත් සේවය වාර්තා කරයි.
පෙළපාළියේ සංවිධායකයෙක්වු මුහමද් තූරි විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ කැනෝ නගරයට දකුණින් පිහිටි ඩකසෝයේ ග්‍රාමයෙන් පෙළපාළිය ගමන් ගන්නා විට බෝම්බ කරු ඒ වෙත දිවවිත් මෙම පිපිරීම කර ගත් බවයි.
මෙම පෙලපාලිය උතුරු නයිජීරියාවේ ප්‍රධාන මුස්ලිම් සංවිධානයක් වු ඉස්ලාමීය ව්‍යාපාරය පවත්වන වාර්ෂික චාරිත්‍ර අනුගමනය කිරීම සදහා පැවැත්වුවක් බව විදෙස් මාධ්‍ය පවසයි.
සුන්නි මුස්ලිම්වරුන්ගේ ආධිපත්‍යයට නතුව ඇති උතුරු නයිජීරියාවේ දැන් සෙයිති මුස්ලිම්වරුද සිය ක්‍රියාකාරකම් වැඩි කරමින් සිටිති.
මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් බාරගෙන නැත. ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායමක්වු බොකෝ හරාම් කැනෝ ප්‍රාන්තයේ නිතරම තම ප්‍රහාර දියත් කරයි.
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 21 මරු දකිති
යාපා Saturday, 28 November 2015 02:30 PM
පවු අසරණ මිනිස්සු! (නි)
යටවත්ත Saturday, 28 November 2015 03:43 PM
කණගාටුයි (නි)
නුවන් Saturday, 28 November 2015 07:18 AM
දුක තමයි.(හේ)