නයිජීරියාව ආසන්නයේ දූපත් රාජ්‍යයක් වන ලේක්චැඩ් හි කුල්ෆොආ දූපතේ දි මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනකු එල්ලකළ ප්‍ර‍ාරයකින් පුද්ගලයන් 30ක් මිය ගොස් 80 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ප්‍ර‍හාරයට වගකිව යුත්තන් මෙතෙක් අනාවරණය වි නොමැති වුව ද එය බොකෝ හරාම් කැරළිකරුවන්ගේ ප්‍ර‍හාරයක් විය හැකියැයි දේශපාලන විචාරකයන්ගේ මතයයි. ලේක්චැඩ් දූපතේ වගුරු සහිත දුෂ්කර මාර්ගයක් නයිජීරියාවේ ඉස්ලාමිය කැරළි කරුවන්ගේ ඉලක්කයක් ව ඇතැයි සැකකැරිණි.

පසුගිය මාසයේ දි පුද්ගලයින් 12 දෙනකු මරුමුවට පත්කරමින් සිදුවූ මරාගෙන මැරෙන ප්‍ර‍හාරයකින් පසු චැඩ් රාජ්‍යයේ හදිසි තත්ත්වයක් ප්‍ර‍කාශකරන ලදී.

මෙම වසර මුලදී පුද්ගලයින් දහස් ගණනක් බෝකෝ හරාම් ක්‍රියාකාරකම් හේතුවෙන් සරණාගතයින් ලෙස මෙම දිවයිනට පලා ආහ. ඔවුන් තවමත් එහි සිටින්නේ ද යන්න පිලිබඳව පැහැදිලි නොමැත.