මොරොක්කෝවේ අගනුවර රබැට් නගරයට කිලෝමීටර් 10ක් පමණ දුරින් දුම්රියක් පීලි පැන අනතුරට ලක්වීම හේතුවෙන් 07දෙනකු මියගොස් 80ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේ අසල තිබූ වෑන් රථයක් ද අනෙක්පස පෙරළී ඇතැයි බලධාරීහු පවසති. විශාල ශබ්දයක් නගමින් දුම්රිය පෙරලුණු බවත් දුම්රියේ සිටි මිනිසුන් භීතියට පත්ව කෑගසමින් ජනෙල් වලින් එළියට පැනීමට උත්සාහ කළ බවත් සිද්ධිය දුටු පිරිස් පවසා ඇත.

දුම්රිය පීලි පැනීමට හේතුව සොයා පර්යේෂණ ආරම්භ කර ඇතැයි මොරොක්කෝ පොලිසිය පවසයි.

(බීබිසී ඇසුරිණි - 085)