IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


මොරොක්කෝවේ තරුණ අරගලයක්

සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ ඉල්ලා මොරොක්කෝවේ විරෝධතා පැවැත්වෙයි. විරෝධතා සඳහා එක් වී සිටින්නේ එරට තරුණ තරුණියන්ය.

විරෝධතා මර්දනයට මොරොක්කෝ රජය කැරලි මර්දන පොලිසිය යොදවා ඇති බැවින්, විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබේ. මොරොක්කෝ රජය පවසා ඇත්තේ විරෝධතාකරුවන් 400 කට වැඩි ගණනක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවය. මොරොක්කෝව උතුරු අප්‍රිකානු රාජ්‍යයකි. 

විරෝධතාකරුවන් පොලිසි සමඟ ගැටෙමින්, මෝටර් රථවලට ගිනි තබමින්, වෙළෙඳසැල් කොල්ල කෑමට පටන් ගෙන ඇතැයි ද පැවැසෙයි. මොරොක්කෝ මාධ්‍ය වාර්තා කළේ පොලිසියටත් හමුදාවටත් අයත් මෝටර් රථ 142 ක් විරෝධතාකරුවන් විසින් ගිනි තබා විනාශ කරනු ලැබූ බවය.

විරෝධතාකරුවන් සමඟ ගැටුණු ආරක්ෂක අංශ සාමාජිකයන් 263 දෙනකු තුවාල ලබා ඇතැයි ද පැවැසෙයි. ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ සිවිල් වැසියන් ගණන 23 කි.

විරෝධතා සංවිධානය කර ඇත්තේ ජෙන්සී 212 නමැති තරුණ විරෝධතාකරුවන්ය. මොවුන් සමාජ මාධ්‍ය හරහා සංවිධානය වී සිටින බව ද පැවැසෙයි. මොරොක්කෝවේ ප්‍රධාන නගර කීපයක විරෝධතා පැවැත්වෙන බව ද වාර්තා වේ.

 



අදහස් (0)

මොරොක්කෝවේ තරුණ අරගලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 685 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 864 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 370 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site