නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.
මෞරි රජ කිරුළ දරන අටවැනියා වන්නේ නා වයි හෝනෝ ය. එමෙන්ම මෞරි රැජිනක් ලෙස කිරුළ දැරූ දෙවැනියා ද නා වයි හෝනෝ යැයි නවසීලන්ත මාධ්‍ය පවසයි.
මෞරි රජු ලෙස කිරුළ දරා සිටි කින්ගි තුහෙයිටියා, අභ්යවප්රාප්ත විය. ඒ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදීය. මියයනවිට කින්ගි තුහෙයිටියා 69 හැවිරිදි වියෙහි පසුවිය.
කින්ගි තුහෙයිටියාගේ එකම දියණිය නා වයි හෝනෝ ට පිරිනැමීමට මෞරි ප්‍රධානීන්ගේ කැමැත්ත හිමිවුණු අතර, ඒ අනුව ඇයට එම කිරුළ හිමිවිය. මීට පෙර, නා වයි හෝනෝගේ මිත්තණිය ද මෞරි රැජින ලෙස කිරුළ දැරුවාය.
(ඒ.එෆ්.පී.)
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි