ඉරානයේ මංගල උත්සවයකට ඇමෙරිකන් ගුවන් හමුදාව පහර දුන් බවත්, එම ප්‍රහාරයෙන් කුඩා දරුවකු ද ඇතුළු සිවු දෙනකු මියගොස් 50 දෙනකු තුවාල ලැබූ බවත් ඉරාන රතු අඩසඳ සංවිධානය පවසයි.

ඉරාන රතු අඩ සඳ සංවිධානය පවසන ආකාරයට, ඇමෙරිකන් ගුවන් හමුදාව පහර දුන්නේ, ඉරානයේ දකුණු දෙසින් පිහිටි හොර්මොස්ගන් පළාතේ, කුහෙස්ටෙක් නගරයේ මංගල උත්සවයකටය. 

මංගල උත්සවයට එල්ල වුණු එම ගුවන් ප්‍රහාරය, ඉරාන නායකත්වය තරයේ හෙලා දැක තිබේ. මියගිය 50 දෙනා අතරේ වැඩිපුර සිටින්නේ කාන්තාවන් බව පැවැසෙයි.

ඇමෙරිකාව සහ ඉරානය අතරේ මේවනවිට යළිත් ගැටුම් ආරම්භ වී තිබේ. ගැටුම් හේතුවෙන්, ගෝලීය ඉන්ධන මිල ගණන් ද සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. 

ඉරානය තවමත් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති අතර, ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 4 කින් ඉහළ ගොස් සති පහකට පසු වාර්තා වූ ඉහළම අගයට පැමිණි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.