
දශකයකට පසු, චීන ජනාධිපති ෂී ජින්පින් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණියේය. ඒ, චීනය සහ ඊජිප්තුව අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 70 ක් සැපරීම නිමිත්තෙනි.
ජනාධිපති ෂී ජින්පින්, ඊජිප්තු සංචාරය සඳහා පැමිණියේ, කිර්ගිස්තානයේ පැවැති ‘ෂැංග්හායි සහයෝගීතා’ සමුළුවට සහභාගී වීමෙන් අනතුරුවය. එම සමුළුවට සමගාමීව, චීන ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවේ සාකච්ඡා කළේය.
ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණි චීන ජනාධිපතිවරයාත් ආර්යාවත් උණුසුම් ලෙස පිළිගැනීමට ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී කටයුතු කළේය.
අල් සීසී, ඊජිප්තුවේ ජනාධිපත ධුරයට පත් වීමට පෙර එරට හමුදාපතිවරයා ලෙස කටයුතු කළේය. සීසී හමුදාපති ධුරය අතහැර ඊජිප්තු ජනාධිපති ධුරයට පත් වූයේ 2014 දීය.
වසර 70 ක් තිස්සේ පවතින චීන ඊජිප්තු සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුනින්, ෂී ජින්පින් සහ අල් සීසී අතරේ සාකච්ඡා පැවැත්විණි. ඇමෙරිකා ඉරාන ඊශ්‍රායල අර්බුදය ඇතුළු කලාපීය අර්බුද සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
ඊට අමතරව, පවතින ආර්ථික සබඳතා සහ වෙළෙඳ ගනුදෙනු තව තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ද සාකච්ඡා පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd