මියන්මාරයේ මීළඟ මුදල් ඇමතිවරයා වශයෙන් පත් වීමට නියමිත බව කියන ජෝ කිව් හොර උපාධියක් සහිත පුද්ගගලයකු බවට තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ බව හෙතෙම පිළිගෙන ඇති බව ද බීබීසී වාර්තා කරයි.
තමාට මූල්‍ය කටයුතු පිළිබඳ උපාධියක් ඇතැයි ඔහු ඉදිරිපත් කර තිබිණි.
පකිස්ථානයෙන් නිකුත් කළ බව කියන එම උපාධිය බ්රුක්ලින් පාර්ක් විද්‍යාලයකින් මෙලෙස විකුණා ඇතැයි කියති.
මියන්මාර නව ආණ්ඩුව පිහිටුවන පක්ෂය විසින් ඔහුගේ දත්ත ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසු මේ බව හෙළි වී තිබේ.
කෙසේ ඔහුට උපාධියක් නැතැයි හෙළි වීම තනතුරට බාධාවක් නොවනු ඇති බව ද සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය ජනවාරි 8 වැනිදා අපේ රටෙත් ප්‍රබු ලොක්කා ජනපති. වුණා නම් හොර උපාධි ප්‍රබු පුතා තමයි මුදල් ඇමති. මහජනතාවගේ පිනට ඒ ලොකු අනතුරෙන් බේරුනා (අ)
ඕවා මොනවාද? අපේ අයට කොච්චර හොර උපාධි තියෙනවද? (නි)
ඇමතිලා එනවා, වැඩ කරනවා, පරාදවෙලා ගෙදර යනවා. ඒක වෙනම දෙයක්. ඒත් ශීත කාමර වල ඉඳන්, අනුන්ගේ පිහිටෙන් උත්තර ලියා, උසස් විභාග සමත්වී මුළු ජීවිත කාලය තුළම එකම රැකියාවක් කරන අය ගැන කවර කතාද? (නි)
චතුරි, චන්ද්‍ර, නන්දලාල්, ඔබ තිදෙනාගේ කියමන් තුන හරියට හරි. (නි)