මියන්මාරයේ උතුරුදිග කචින් පළාතේ නායයෑමකින් විශාල පිරිසක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. ප්‍රාදේශීය බලධාරීන් ප්‍රකාශ කරන්නේ අතුරුදන්ව ඇති පිරිසෙන් වැඩිදෙනෙක් පස් කන්දට යටවී මියයන්නට ඇතැයි සැක කරන බවයි. නායයෑම සිදුවී ඇති ප්‍රදේශය ජේඩ් නම් පාෂාණ කැණීම් සිදු කරන ආකර පිහිටි ප්‍රදේශයකි. අතුරුදන්වූ අය සහ මළ සිරුරු සොයා දිගට ම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව බලධාරීන් පවසයි.

පසුගිය මාසයේ මෙම ප්‍රදේශයේ සිදුවූ නායයෑමකින් සියයකට අධික පිරිසක් මියගියහ.