මියන්මාරයේ උතුරු පෙදෙසේ කචින් පළාතේ සිදුවූ නාය යාමකින් අවම වශයෙන් පුද්ලයන් 90 දෙනකු පමණ මියගොස් තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ජේඩ් නමැති පාෂාණ වර්ගය සෙවීමට ගිය පිරිසක් මෙලෙස අනතුරට පත්ව සිටිති. නාය ගිය ස්ථානය  ජේඩ්වලට ප්‍ර‍සිද්ධ ප්‍රදේශයක පිහිටා ඇත.

ලෝකයේ ඉස්තරම්ම වර්ගයේ ජේඩ් මේ ප්‍රදේශයෙන් හමුවන බවත් කොළ පැහැති ජේඩ්වලට චීනයේ හොඳ ඉල්ලුමක් ඇති බවත් එරට පුවත්පත් වාර්තා සදහන් කරයි.