මියන්මාරයේ යැංගොන් නුවර ලයින්තායා පළාතේ පිහිටා ඇති චීන කර්මාන්තශාලා කිහිපයක් ගිනි තබා විනාශ කිරීමට, මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහිව විරෝධය දක්වන විරෝධතාකරුවෝ කටයුතු කළහ.
හමුදා කුමන්ත්‍රණයෙන් පසු, මියන්මාරයේ විරෝධතා දිනෙන් දින උත්සන්න වෙමින් පවතින අතර, හමුදාවත් පොලිසියත් කළ වෙඩි තැබීම්වලින් පසුගිය සති අන්තයේ මියගිය ගණන 22 කි.
මියන්මාරයේ බලය අල්ලා ගත් හමුදා පාලකයන්ට චීන රජයේ සහාය සහ අනුග්‍රහය හිමිවන බවට විරෝධතාකරුවෝ චෝදනා නගති. විරෝධතාකරුවන් චීන කර්මාන්ත ශාලා ගිනි තැබුවේ එහෙයින් යැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි දවසක් යන්න කලින් ලංකාවෙත් ඕක සිදුවෙනවා.