මියන්මාරයේ යැන්ගොන් ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබැස්වීමට ගිය මගී ගුවන්යානයක් අනතුරට ලක්වීම හේතුවෙන් 17දෙනකු තුවාල ලබා ඇත.

යානය ධාවන පථයෙන් ඉවතට ලිස්සා යෑම හේතුවෙන්  අනතුර සිදුවූ බවත් වර්ෂාව සහිත කාළගුණික තත්ත්වය නිසා අනතුර සිදුවන්නට ඇති බවත්  බලධාරීහු පවසති.

එම අවස්ථාවේ යානයේ මගීන් 28දෙනකු හා කාර්යමණ්ඩලයේ හතර දෙනකු සිටි බව පැවසේ. 

අනතුරට පත්වී ඇත්තේ බිමාන් බංගලාදේශ ගුවන් සේවයට අයත් බොම්බාඩියර් 8 වර්ගයේ යානයකි. මෙහිදී ගුවන්යානයට ද හානි සිදුවී ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)