මියන්මාරයේ ආගමික කල්ලියක පහරදීමකින් සෙබළුන් සිව් දෙනෙක් මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

රාකීන් ප්‍රාන්තයේ මෙම ගැටුම ඇතිවී ඇති අතර ආයුධ සන්නද්ධ 300ක පමණ පිරිසක් හමුදා සෙබළුන්ට හා පොලිසියට පහර දී ඇතැයි කියති.

රෝහින්ග්‍යා නමැති ආගමික සංවිධානය මෙම ප්‍රහාර පිටුපස ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

වර්තමානයේ මියන්මාරයේ පවතින ගැටුම් හේතුවෙන් ළදරුවන් හා සිසුන්ට බරපතල මරණ සහ තුවාල සිදුකරනවා පමණක් නොව දහස් ගණනක් පිරිසකට උන්හිටි තැන් අහිමි කරන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.