
මියන්මාර හමුදාව ජාතික බෞද්ධ භික්ෂුවක් ලෙස ප්‍රකට අෂීන් විරාතු හිමි නිදහස් කර ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
අෂීන් විරාතු හිමි ඉකුත් නොවැම්බර් මාසයේ දී සිරභාරයට ගැනුණු අතර රෝගාතුර වීම හේතුවෙන් ඉන් අනතුරුව රෝහල් ගත කෙරුණි.
මියන්මාරය තුළ මුස්ලිම් විරෝධී ගැටුම් නිර්මාණය වූයේ අෂීන් විරාතු හිමියන්ගේ මූලිකත්වයෙන් යැයි චෝදනා එල්ල වී තිබේ.
මියන්මාරය තුළ ආගමික වෛරය පතුරුවන්නේ අෂීන් විරාතු හිමි යැයි ද චෝදනා එල්ල වී තිබෙන බලයෙන් පහ කෙරුණු මියන්මාරයේ අවුන් සාන් සූචීගේ ආණ්ඩුව අෂීන් විරාතු හිමි රාජද්‍රෝහී චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිරභාරයට පත් කළේය.
කෙසේ නමුත් අෂීන් විරාතු හිමිට එරෙහිව තිබෙන සියලු චෝදනාවලින් උන්වහන්සේ නිදහස් කරන බව මියන්මාර හමුදාව සඳුදා නිවේදනය කළේ ය.
උන්වහන්සේ මේ වනවිට හමුදා රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ.
අෂීන් විරාතු හිමි “බෞද්ධ ත්‍රස්තවාදයේ මුහුණත” යැයි ටයිම් සඟරාව එක් අවස්ථාවකදී වාර්තා කළේ ය.
(අල්ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd