රිච්ටර් මාපකයේ 6.8ක ප්‍රබලත්වයේ භූමිකම්පාවක් මධ්‍යම මියන්මාරයේ සිදුවූ බවත්, මියන්මාරයේ ගොඩනැගිලි හෙල්ලුම් කෑ බවත් ඇමෙරිකා භූ විද්‍යාඥයෝ කියති.

මෙම භූමිකම්පාවෙන් බටහිර බෙංගාලය, ජර්ඛාන්ඩ්, බිහාර් හා ඇසෑමය හෙල්ලුම්කෑ බව ද, බටහිර බෙංගාලයේ හා කොල්කටාවේ ගමනාගමනය ද අත්හිටුවා රජයේ කාර්යාලය වැඩි හරියක් වසා දැමූ බවත් විදෙස් මාධ්‍ය කියයි.

මෙම භූමිකම්පාවෙන් මියන්මාරයේ ලොකුම නගරය වන යැන්ගුන්හි ගොඩනැගිලිදි හෙල්ලී ගිය බවත් පැවසේ. තායිලන්තයේ බැංකොක් අගනුවර හා බංගලිදේශයේ ගොඩනැගිලිද තත්ත්පර කිහිපයක් හෙල්ලී ගිය බව වාර්තාවේ.