මියන්මාර හමුදාව රැහැයින්හී 25 දෙනකුට වෙඩි තබා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඔවුන් 25 දෙනා ආයුධ සන්නද්ධව සිටි නිසා වෙඩි තැබූ බව හමුදාව පවසයි.
රෝහිංයා ප්‍රදේශයට ගුවනින් එල්ල කළ ප්‍රහාරයකින් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු ඇතුළු අට දෙනකු මිය ගිය බවත් එම මෙහෙයුම ආයුධ සන්නද්ධ කැරලිකරුවන්ට එරෙහි මෙහෙයුමක් බවත් එරට හමුදාව කියයි.
එම ප්‍රදේශයේ ස්වාධින මාධ්‍ය ආවරණයක් නොමැති අතර සාමාජ ජාලා හරහා නිකුත් කැරුණු ඡායාරූප අනුව මිය ගිය අය අතර කාන්තාවන් හා දරුවන් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.
රෝහිංයාහී බොහෝ සංක්‍රමණිකයින් වෙසෙන බවත් එම වැසියන්ට තම ගම්මාන අතහැර යන ලෙස තර්ජනය කර ඇති බවත් වාර්තා වෙයි.එම පිරිස් මියන්මාර ජාතිකයින් ලෙස පිළිගැනීමට මියන්මාර වැසියෝ ප්‍රතික්ෂේප කරති.
(මියන්මාර හමුදාව) (ඡායාරූපය-ඒ.එෆ්.පී)
(රෝහිංයා ගම්වැසියන්ට තම නිවෙස් අතහැර යාමට සිදුව ඇති අතර බොහෝ පිරිස් කඳවුරු වල ජීවත් වෙති) (ඡායාරූපය-ඊ.පී.ඒ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවන්ගේ මෝඩ තීරණ නිසා හැමදාම අසරණ වෙන්න සාමාන්‍ය ජනතාවයි . හිතන්න නිමල්ගේ පවුලේ කිසියම් හෝ කෙනෙකුට මෙවිදිහට පාරට බහින්න වුනොත් මොකද කරන්නේ,..දුකයි නේද.ඉතින් හිතන්න අපි හැමෝම මිනිස්සු කියල,බය ,වේදනාව අපි හැමෝටම දෙනෙනවා..මේ පොඩි දරුවෝයි අපේ ලංකාවේ දරුවොයි අතර වෙනසක නැහැ නේද. ඉතින් අසරණ වූ ඔවුන් ගැන පටු විදිහට දකින එක වරදකි. (අ)
ඡායාරූපයේ සිටින දරුවන් ඇතුළු අනාථ වැසියන් දකිනකොට කණගාටුවක් ඇතිවෙනවා. එනමුත් අද මේ රටේ සිංහලයන මුහුණ පා ඇති අවාසනාවන්ත ඉරණම සිහියට එනවිට මියන්මාර වැසියන සාධාරන බවත් සිතෙනවා (නි)