
හමුදා කුමන්ත්‍රණයට එරෙහිව විරෝධතා පවත්වන මියන්මාර වැසියන්ට එරෙහිව බලය යෙදවීම හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (9) නිවේදනය කළේය.
විරෝධතාකරුවන් විසිරුවා හැරීම සඳහා මියන්මාර පොලිසීය අද රබර් උණ්ඩ යොදාගත් අතර විරෝධතාකරුවන් දෙසට කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේය.
‘‘මියන්මාර පොලිසිය ප්‍රමාණුකූල නොවන පරිදි බලය භාවිත කර තිබෙනවා. එය සාධාරණ නැහැ. එය පිළිගන්න බැහැ’’ යැයි මියන්මාරයේ සිටින එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ මානුෂීය සම්බන්ධීකාරක ඔලා ආම්ග්‍රෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළාය.


(ඒ.එෆ්.පී.)
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලොත් අපේ ජවිපෙ කාරයෝ වගේනේ.. වැඩේ වෙලා සෑහෙන කාලයක්.. දැන් තමයි විරෝධතා දාන්නේ...?