මියන්මාරයේ සියලු දේශපාලන සිරකරුවන් ඉදිරි සති දෙක ඇතුළත නිදහස් කිරීමට කටයුතු කරන්නැයි අවුන් සාන් සූකී සිය රජයට දැනුම් දී ඇතැයි එරට වාර්තා පවසයි.
එරට අගමැතිට සමාන බලතල හිමි සූකී රජයේ උපදේශක කටයුතු සිදුකරයි. ඇය සිය ධූරයේ වැඩ අරඹමින් නිකුත් කළ පළමු නිවේදනය වූයේ දේශපාලන සිරකරුවන්ට නිදහස ලබාදිය යුතු බවයි.
ජනපතිවරණයට තරග කිරීම සඳහා ඇයට එරට ව්‍යවස්ථාවෙන් ඉඩ නොලැබුණු නමුත් ඇගේ පක්ෂය ජනපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකරගත්තේය. ඇගේ සමීපතමයකු වූ හිටින් කායෝ එරට ජනපති ධූරයට පත්විය.
ඇගේ පක්ෂය මහමැතිවරණයෙන්ද අති විශිෂ්ට ජයක් ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් හමුදාව බලය අල්ලාවිද? (නි)