මෙක්සිකෝවේ දකුණු දිග ඔහාකා ප්‍රාන්තයෙන් මිය ගිය කැස්බෑවුන් 300ගේ පමණ සිරුරු මාළු දැල්වල පැටලී තිබි හමුවී තිබේ.
මීට දින කිහිපයකට පෙර ආසන්න චියැප්ස් ප්‍රාන්තයෙන්ද මියගිය කැස්බෑ සිරුරු 102ක් හමුවී තිබිණි.
ඔලිව් රිඩ්ලි නම් මෙම කැස්බෑවුන් දැඩි ලෙස වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින සතුන් කොටසක් ලෙස සැලකේ. මොවුන් බිත්තර දැමීම සඳහා මැයි සිට සැප්තැම්බර් කාලය අතරතුර මෙක්සිකෝවේ වෙරළ තීරයන් වෙත පැමිණෙති.
මොවුන් මියගිය ආකාරය සම්බන්ධව පරීක්ෂණ සිදුවෙමින් පවතින බවත් ඔවුන් දැලට පැටලෙන විටත් මියගොස් සිටියේද යන්න පැහැදිලි නොමැති බව සඳහන් වේ.
විශේෂඥයින් අනුමාන කරන්නේ විෂ ඇල්ගී වර්ගයක් හේතුවෙන් හෝ දැල්වල පැටලීමෙන් හෝ මොවුන් මිය යන්නට ඇති බවයි.
1990 වර්ෂයේ සිට මුහුදු කැස්බෑ දඩයම මෙක්සිකෝවේ තහනම් කර ඇත.
(බීබිසි ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
773
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මියගිය දුර්ලභ කැස්බෑවුන් 300ගේ සිරුරු මෙක්සිකෝවේ වෙරළ තීරයකින්