මීයන් මරා මසට විකිණූ කල්ලියක් අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිය සමත්ව තිබේ.
එළු මස් යැයි පාරිභෝගිකයන් හා වෙළදසල් හිමියන් රවටා මී මස් බෙදා හැර ඇති ඔවුන් ඉන් උපයා ඇති මුදල ඩොලර් ලක්ෂ 10 (රුපියල් 1270 ) කටත් වඩා අධික යැයි හෙළිව ඇත.
කල්ලියට අයත් යැයි සැක කෙරෙන පුද්ගලයින් 904 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර වැඩිදුර පරීක්ෂණද කි‍්‍රයාත්මකය.
මී මස් රස ගැන්වීම පිණිස මේ කල්ලිය විවිධ රසායන ද්‍රව්‍යයද යොදාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.මස් චීනයේ ෂැංග්හයි හා ජියැංග්සු ප‍්‍රදේශ වල වැඩි වශයෙන් බෙදා හැර ඇතැයි හෙළිව තිබේ.
කෙතරම් පියවර ගත්තද පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ආහාර වර්ග චීනයේ වෙළදසල්හි සුලබය.මේ ආහාර වර්ග අතුරින් බහුතරය මස් වර්ග වේ.පසුගිය 2012 වසරේ කළ වැටළීම් වලින් පමණක් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ වූ මස් ටොන් 15 ක් පමණ සොයා ගැනීමට හැකිවූ බව චීන පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මීයාගෙන් එළු මස්
රූපවතී Monday, 06 May 2013 07:51 PM
මියන් මරලා චීනයේ කුකුළු මස් කියලා නම් රෙස්ටුරන්ට් වල විකුණලා පසුගිය කාලෙක අපි දුටුවා. රස කුකුළු මස් වලට ඉතාම සමාන නිසා වසර ගණනක් ඔවුන් මෙය කරගෙන ගොස් ඇතත් කරියක තිබී හසු වූ මීයකුගේ ඇගිලි සහිත පාදයක් නිසා මෙය ලොවට හෙළිවීමට මුල් වී ඇත (නි)
වික්‍රම Monday, 06 May 2013 01:51 PM
අලුත් ක්‍රමයක් වගේ (දී)
ගාමිණී - සිරි Monday, 06 May 2013 11:29 PM
චීන්නු ගැන කියනකොට ඉස්සලේලාම,ඉතිහාසයේ ඔවුන් අනුභව කරලා තියෙන්නේ පට පනුවෝ! පසු කාලවලදී , ආඳන්,උරගයින්, මුදු බෙල්ලන්, පාසි වගේ දේවල්... (නි)
නසාර් Monday, 06 May 2013 03:02 PM
හලාල් නැති නිසා ලංකාවේ කන්න වෙන්නේ මීයන්ගේ මස්ම තමා. (නි)
මහේෂ් Monday, 06 May 2013 03:07 PM
මෙහි ශ්‍රී ලංකා මුදල සංශෝධනය කර ඉදිරිපත් කරන්න (නි)