මයික්‍රොසොෆ්ට් ටීම්ස් මෘදුකාංගයේ බිඳ වැටීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බිඳ වැටීමට හේතුව සොයා බැලීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
බිඳ වැටීම හේතුවෙන් පරිශීලකයින් විශාල සංඛ්‍යාවකට ටීම්ස් මෘදුකාංගයට ප්‍රවිෂ්ට වීමට හෝ එහි විශේෂාංග භාවිතා කිරීමට නොහැකි වී ඇති බව පැවැසෙයි. මයික්‍රොසොෆ්ට් සමාගම පරිශීලකයන් කොපමණ සංඛ්‍යාවකට බිඳ වැටීම බලපා ඇත්දැයි නිල වශයෙන් පවසා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පරිශීලකයන් පිරිසක් ආයතනික සැමරුම් සම්බන්ධ මීම්ස් ටීම්ස් මෘදුකාංගය ඔස්සේ දැරිය නොහැකි ප්‍රමාණයක් අන්තර්ජාලයට මුදා හැරීම හේතුවෙන් බිඳ වැටීම සිදුව ඇතැයි පැවැසෙයි.
විමර්ශන අවසාන තෙක් නව සර්වරයක් වෙත සම්බන්ධය යොමුකර බිඳ වැටීම අවම කිරීමට උත්සහ කරන බවත් බිඳ වැටීම සම්බන්ධව වැඩි දුර තොරතුරු සහ යාවත්කාලීන කිරීම් සර්විස් හෙල්ත් ඩෑෂ් බෝර්ඩ් හි ටීඑම් 402718 කේතය යටතේ ලබා ගත හැකි බවත් මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රකාශ කළේය
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මයික්‍රොසොෆ්ට් ටීම්ස් මෘදුකාංගයේ බිඳ වැටීමක්