
වැහි වලාකුළුවලත් මයික්‍රෝ ප්ලාස්ටික් විෂ අංශු ඇති බව ජපාන විද්‍යාඥයන් පිරිසක් තහවුරු කර තිබේ.
ජපන් විද්‍යාඥයන්ට වැහි වලාකුළුවලත් මයික්‍රෝ ප්ලාස්ටික් විෂ සංඝටක හමුවී ඇත්තේ, ෆූජි සහ ඔයාමා යන කඳු අශ්‍රිතව සිදු කළ පර්යේෂණවලදීය. ෆූජි යනු ජපානයේ උසම කන්දය. ෆූජි කන්දේ උස මීටර් 3,776 කි.
මයික්‍රෝ-ප්ලාස්ටික් (ක්ෂුද්‍ර-ප්ලාස්ටික්) ලෙස හැඳින්වෙන්නේ මිලිමීටර් 5 ට අඩු දිගකින් යුත් ප්ලාස්ටික් අංශුය. මේ වනවිට ප්ලාස්ටික් විෂ පරිසරය දූෂණය කර අවසන්ය. මයික්‍රෝ-ප්ලාස්ටික් අංශු මිහිමත සියලු ජීවීන්ට විෂ සහිතය. වැහි වලාකුළුවලින් මයික්‍රෝ-ප්ලාස්ටික් හමුවීම බරපතල තත්ත්වයකන් බව ජපන් විද්‍යාඥයෝ බිය පළ කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd