IMG-LOGO

මිය යාමට ආසන්නව සිටි අලි පැටවකුට යළි ජීවය

හෘද ක්‍රියාකාරීත්වය නැවතී මියයෑමට ආසන්නව සිටි කුඩා අලි පැටවකුට යළි ජීවය දීමේ අපූරු පුවතක් තායිලන්තයෙන් වාර්තා වෙයි.

මෙය සිදුකර ඇත්තේ තායිලන්තයේ මුදවා ගැනීමේ සේවකයකු වන මනා ශ්‍රීවාට් විසිනි. පසුගිය ඉරිදා (20) තායිලන්තයේ නැගෙනහිර පළාතේ චාන්තබුරි හි යතුරුපැදියක අලි පැටවකු හැපී අනතුරට පත්ව තිබිණි. අලි රංචුව පාර හරහා ගමන් කිරීමට යෑමේදී අනතුර සිදුව ඇත.

ශ්‍රවාට් ඒම ස්ථානයට යනවිට අනතුරට ලක්වූ අලි පැටවා පසෙකට වැටී සිටි අතර යතුරුපැදි කරුද පසෙකට විසිවී බිම වැතිරී සිටි බව ඔහු පවසයි. තම සගයන් යතුරුපැදි කරුට උදව් කරද්දී ශ්‍රීවාට් අලි පැටවා අසළට ගොස් අලියාගේ හෘදය වස්තුව නැවත පණ ගැන්වීම සඳහා තම දෑත් යොදා ගනිමින් හෘද පිරිමැදීම් සිදු කර ඇත.

විනාඩි ගනනාවක උත්සාහයෙන් පසු පසු එතෙක් නිසොල්මන්ව සිටි අලි පැටවා යළි ජීවය ලැබූ බවත් පසුව මේ දෙදෙනාම ප්‍රතිකාර සඳහා වෙනත් ස්ථානයකට ගෙනගිිිය බවත් ශ්‍රිවාට් පවසයි.
මේ පිළිබඳ ශ්‍රීවාට් මෙසේ කියයි.

“ජීවිත බේරාගැනීම මගේ රාජකාරිය. නමුත් කිසිම දවසක අලියෙකු මේ ආකාරයෙන් බේරාගැනීමට හැකිවේයැයි සිතුවේ නැහැ. අලි පැටවා අනතුරට ලක්වූ මොහොතේ ඒ අලි අම්මා අනෙක් සඟයන් කැඳවමින් කෑ ගසන ශබ්දය මගේ හදවත සසළ කළා. මා වීඩියෝ දර්ශනයක දැක තිබුණා අලියාගේ හදවත තිබෙන ප්‍රදේශය. ඒ නිසා හදවත නතර වී සිටි මේ අලි පැටවා බේරාගැනීමට හෘද තෙරපුම ලබාදෙමින් මම දැඩි උත්සාහයක් ගත්තා.”

ශ්‍රීවාට් පවසනුයේ විනාඩි 10ක පමණ හෘද පිරිමැදීමෙන් පසු අලියා නැගී සිටි බවයි. තම පැටවා යළි ශබ්ද නගන බව ඇසුණු වහාම අලි අම්මා තම සඟයන් සමඟ ඒ ස්ථානයට පැමිණ තිබිණි. එසේ වුව ද අලියාට තවදුරටත් ප්‍රතිකාර අවශ්‍යවනු ඇතැයි සිතූ ඔවුන් පැටවා ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාමට කටයුතු කර තිබිණි.

ශ්‍රීවාට් පවසන්නේ අනතුරට ලක්වී පුද්ගලයාටත් අලි පැටවාටත් බරපතල තුවාල නොමැති බවයි.

“අලි පැටවා නැවත චලනය දක්වන විට මට හැඬුම් ආවා. ඇත්තටම ලොකු සතුටක්. මාර්ග අනතුරු දුසිම් ගණනකට අවුරුදු 26ක් පුරා මා මැදහත් වී සිටියත් හෘද පිරිමැදීමකින් යළි ජීවිතය ලබා ගැනීමට හැකිවූ එකම සිද්ධිය මේ අලි පැටියා බේරාගැනීම පමණක් බවයි.”

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

මිය යාමට ආසන්නව සිටි අලි පැටවකුට යළි ජීවය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site