තායිලන්තයේ දකුණු දිග සොන්ග්ලා පළාතේ ඇළ මාර්ගයකදී මියගිය තල්මසකුගේ ආමාශයේ තිබී ප්ලාස්ටික් බෑග් 80ක් හමුවූ බව තායි නාවුක බලධාරීහු පවසති.
මෙම ප්ලාස්ටික් තොගයේ බර කිලෝග්‍රෑම් අටක් වූ බවද ආහාර ගැනීමට ආමාශයේ ඉඩ නොමැති වීමෙන් සතා මියගොස් ඇති බවද ඔවුහු වාර්තා කර ඇත.
සංරක්ෂණ නිලධාරීන් විසින් සතා බේරාගැනීමට ප්‍රයත්න දරන අවස්ථාවේ ප්ලාස්ටික් බෑග් පහක් වමනය දමා ඇතැයි පැවසේ. මියගිය තල්මසා ගැහැණු සතකු වන අතර අපහසුවෙන් පිහිනමින් සිටියදී සංරක්ෂණ නිලධාරීන්ට හමුවී ඇත.
තායිලන්තයේ ජනයා ප්ලාස්ටික් බෑග් විශාල වශයෙන් පරිහරණය කරන අතර රජය විසින් මේ සම්බන්දව බද්දක් පැණවීමට යන බව පසුගිය මාසයේ නිවේදනය කළේය.
තායිලන්තයේ මුහුදු ජීවීන් සියගනනක් ප්ලාස්ටික් අාහාරයට ගැනීම හේතුයෙන් වසරකට මියයන බව මාධ්‍ය වාර්තා කර ඇත.
(බීබීසි ඇසුරිණි - 085)


2025 නොවැම්බර් මස 04
747
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2403
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1757
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිය ගිය තල්මසාගේ ආමාශයේ ප්ලාස්ටික් කිලෝ 8 ක්
ධනුෂ්ක Monday, 04 June 2018 03:25 AM
මිනිසාම තමා යක්ෂයා වෙන්නේත්, මිනිසාම තමා දෙවියන් වෙන්නෙතත්. දිව්‍යලෝකයත් අපායත් මේ ලෝකයම තමා ඊට එහා තැනක් නෑ. මෙතනම පේනවනේ යක්ෂයින් බෑග් මුහුදට දාලා. මහ මුහුදේ ඉන්න මේ සතා අැල මාර්ගයට එන්න අැත්තේ දෙවියන් වැනි මිනිසුන් තමාව බේරා ගනීවි යන විශ්වාසයෙන් වෙන්නැති.