ඉන්දියාවේ මුම්බායි නගරයේ සාප්පු සංකීර්ණයක ඇතිවූ ගින්නකින් 14දෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මුම්බායිහි ප්‍රසිද්ධ සාප්පු සංකීර්ණයක් වන කමාලා මිල්ස්හි ඉහල මාලයේ ගින්න හටගෙන ඇත. මධ්‍යම රාත්‍රියේ ආරම්භ වූ ගින්න විනාඩි තිහකින් පමණ ගොඩනැගිල්ල පුරා පැතිරුණු බව ගිනිනිවන සේවකයෝ පවසති.
බොහෝ පිරිසක් ගින්නට කොටු වී ඇති අතර වෛද්‍යවරු පවසන්නේ මරණ සියල්ලම දුම ආශ්වාස වීම හේතුවෙන් සිදුවී ඇති බවයි.
ඔවුන් බොහොමයක් උපන්දින සාදයකට සහභාගි වීමට පැමිණ සිටි කාන්තාවන් බවද එදින උපන්දිනය සැමරූ 28හැවිරිදි කාන්තාව ද මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙම ගොඩනැගිල්ලේ තිබූ රජයේ ප්‍රවෘත්ති නාලිකා කිහිපයකට සහ මාධ්‍ය මධ්‍යස්ථාන වලට හානි සිදුවී ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd