ලොම් සහිත මැමතෙකුගේ දළ සහිත සම්පූර්ණ ඇට සැකිල්ලක් වෙන්දේසි කිරීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළයි.
මේ දැවැන්ත මැමත් සත්ත්වයා අඩි 11.4 ක් හෙවත් මිටර 3.5ක් අසැතිය. අඩි 18 ක් එනම් මීටර් 5.5 කි. මෙම සතාගේ ඇටසැකිල්ලට කෞතුකාගාර වලින් මෙන්ම පුද්ගලික අංශයෙන්ද සිත්ගන්නා සුළු ලංසු ලැබෙනු ඇතැයි වෙන්දේසිකරුවන්ගේ විශ්වාසයයි.
සමර්ස් ප්ලේස් වෙන්දේසි කරුවන්ගේ අධ්‍යක්ෂක රූපට වෑන් ඩර් වරෆ් පවසන්නේ අයිස් යුගයේ සිටි මැමත්ගේ මෙම ඇටසැකිල්ල වෙන්දේසිය මගින් පවුම් 250000ක් ඩොලර් 409000 ක් හෙවත් රුපියල් කෝටි 5.31 ක් පමණ තමන්ට උපායාගත හැකි බවයි.
මෙය සම්පූර්ණ ඉතා අලංකාරෙ ඇටසැකිල්ලකි. එය ඉතා හොඳ තත්ත්වයෙන් පවතින බවත් අදින් වසර 10,000ට පමණ පෙර මිහිතලයේ ඇවිද ගිය ලොම් සහිත මැමත් පිරිමි සතකුගේ බවත් රූපට් පවසයි.
මෙම ඇට සැකිල්ල බටහිර සසෙක්ස් හි බිලින්ෂර්ට්ස් වලදී නොවැම්බර් 26 දා වෙන්දේසි කෙරේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් කෝටි 5.31ක් වටිනා දල දෙක වගෙයිද ඇමති තුමාගේ කෝටි13200 ක් වටිනා අඩි නැති සපත්තු කුට්ටම... (දී)
අනේ! ඒක බලන්න ඇත්නම් (නි)